දේශ සුපූජිත දෑ අභිමානේ //
අපරාජිත ජයබිම රුහුණේ
පතල නමක් ලත් විද්යාලෝකය
විදුහල් මෑණි වැජඹේ
මගෙ රට මගෙ දැය මගෙ බස සමයට
ඔබමය එක ජීවේ
ඔබෙ නම කිතුගොස දස දෙස පතුරන
සිසු දරු කැළ අප වේ
නිති ධීර වීර සුවිනීත අභීතව දරු කැළ බිහි වේවා
අප ශක්ති ප්රවාහය භක්ති ප්රණාමය ඔබ හට හිමි වේවා
අස දිස සිසු කැළ ඉසි ලෙස සසු පෙළ
දිය දද නැඟු හෙළ බිම දකුණේ
බස රැස ඔසවා වා දිවි පිනවා
විද්යාලෝකය මව රුහුණේ
දේශ සුපූජිත.....
හදවත් සපුරා සෙනෙහස උතුරා
දින දින දින විදුහල් මෑණී
රන් දද බඳවා රන්මිණි සොළවා
දින දින දින විදුහල් මෑණී
පද රචනය - එඩ්මන් කලංසූරිය
තනු රචනය - ලින්ටන් කලංසූරිය